Friday, July 29, 2011

අහිමි දිනුම

අපි විසුවේ නගරය කොනක පිහිටි දෙමහල් නිවසක ඉහල මාලයේ බද්දට.මගේ තාත්තා නගර සභාවේ ලිපිකරුවෙක්.පවුලේ බාලයා වුනේ මං. මට අක්කා කෙනෙකුයි  අයියා කෙනෙකුයි හිටියා.තාත්තාගේ පුංචි පඩියෙන් අපි අමාරුවෙන් ජිවත්වුණා.දරුවන තිදෙනෙක් පෝශණය කරනවා විතරක් නෙමෙයි නෑදෑයන් වෙනුවෙන්ද තම මුදල් වියදම් කිරීමට තාත්තා සිදුවුනා.
       ඒ කාලේ නගරයේ හිටි හැමෝටම මෝටර් රථ එකක් හෝ ඊට වැඩ් ගණනක් තිබ්බා.අපිට විතරයි තිබ්බේ නැත්තේ.පුංචි මං හැමදාම හින දැක්කෙ කාර් එක්ක ඉස්සරහ වාඩි වෙලා තාත්තා එක්ක ඉස්කෝලෙ යන්න.මං දැනගෙන හිටියා ඒක කවදාවත් සැබෑ වෙන්නෙ නෑ කියලා .ඒත් මං ඒ හිනෙට ආදරය කලා.
  නගරේ දියුණු කරන්න ලොතරයියක් ගැහුවා.තාත්තාටත් ටිකට් පොතක් ලැබුණා."දන්නවද පලවෙනි දිණුමට දෙන්නෙ ඉන්නෙ කාර් එකක් "තාත්තා හිනා වේවි කියුවා."අනේ තාත්තේ අපිත් එකක් ගමු"මං කියනකොට තාත්තා හිනා වුනා."ගමුකෝ' තාත්තා කියුවා.කියුවත් වගේ ඔහු ටිකට් එකක් ගත්තා.
          දිනුම් ඇදිම තිබ්බෙ නගරෙ මැද තිබ්බ පිට්ටනියෙ.ලස්සන කාර් එකක් නවත්වලා තිබ්බා.අනේ කාර් එක අපිට ඇදෙන්න.මං දහස් වාරයක් ප්‍රාර්තනා කලා.අපිට විතරයිනෙ කාර් එකක් නැත්තේ.
          දිනුම් ඇදිම අවසානයේ ජයග්‍රාහකයාගෙ නම කියවුනා.මට අදහ ගන්න බෑ.ඒ මගේ තාත්තා.මං දෙවියන්ට ස්තුතියි කරමින් සෙනග අතරින් ඉස්සරහට දිවුවා.ඒත්....කාර් එක එතන නෑ.මං දැන ගත්තා තාත්තා කාර් එක ගෙදර ගෙනිගින් බව.මං මිටින්හල කුරුල්ලෙක් වගේ ගෙදර දිවුවා.කිරි පාට කර් එකක් මිදුලෙ ඉන්නවා බැබලි බැබලි. කාර් එක වටේ රවුමක් කරකැවුණ මං ගෙට ගියේ තාත්තට සුභ පතන්න.
    ඒත්....හැමෝම බය වෙලා වගේ.තාත්තගෙ මුනේ කිසි හිනාවක් නෑ.අම්මා මං දැකලා කුස්සිය පැත්තට ගියා.මාත් ඇය පස්සෙන් ගියේ මොකද වෙලා තියන්නෙ කියලා දැන ගන්න."අම්මේ ඇයි මේ?මෙච්චර ලොකු තැග්ගක් ලැබිලත් ඔයාල දුකින් ඇයි?"බැරිම තැන මං ඇගෙන් ඇහුවා."පුතේ ඒක අපිට අයිති නෑ."ඇය කියුවා."ඇයි ඒ?අර ටිකට් එක මේසෙ උඩ තියෙන්නෙ."මං කදුලු පුරවගෙන ඇහුවා."ඔව් මයේ පුතේ එතන ටිකට් දෙකක් තියෙනවා දැක්කද?"
        මං සාලෙට දිව්වා.ටිකට් දෙකම අරන් අම්මා ලගට ආවා."පුතේ තාත්තා ගත්තෙ අංක 12 ටිකට් එක.ඒත් දිනුම තින්නෙ අංක 13 ටිකට් එකට තාත්තා ඒක ගත්තෙ ඒයාගෙ ලොක්කට.ඒකයි ඒකෙ කෙලවරක බි අකුර ලියලා තියෙන්නෙ."ඇය කියුවා."අපිට ඕන නම් කාර් එක තියා ගන්න පුලුවන්.ඒත් එහෙම කරොත් අපි හොරකමක් කරා වෙනවානේද මයේ පුතේ?"අම්මා ඇහුවා.
      තාත්තගෙ ලොක්කට කාර් දෙකතුනක් තියෙනවා.ඒත් ඔහු දිනුම ගැන දැන ගත්තා විතරයි කාර් එක ගෙනියන්න සේවකයො දෙන්නක් එව්වා. අපිට කාර් එක නැතිවුනා.මං විශ්වවිද‍‍‍‍යාලයට යනකම් කාර් එකක් ගන්න මගේ දුප්පත් තාත්තට බැරි උනා.(තාමත් එකක් නෑ හොදේ)ඒත් ඒ වගේ අවංක දුප්පත් දෙමාපියන් දෙන්නෙක් ලබුණ එකට මං තාමත් සතුටු වෙනවා.ඒක තමයි මං ලබපු ලොකුම දිනුම......

4 comments:

  1. අද තමයි මේ පැත්තෙ ආවෙ.ආගන්තුකයා තමයි එන්න පාර කිව්වෙ.

    මේ වගේ අවංක මිනිස්සුන්නෙ දුවෙක් වෙලා මේ ලෝකෙට එන්න ලැබුනු එකත් හැබෑම ආඩම්බරයක් තමා. හැබැයි එවැනි මිනිස්සුන්ට මේ සමාජෙ නිවැරදි ක්‍රමයට සළකනවද කියන එක ගැන මටනම් පොඩි ගැටළුවක් තියෙනවා. සම-හරක් දන්නෙ නෑ අවංක මනුස්සයෙක් කරන යහපත් ක්‍රියාවක් අගය කරලා අඩුම තරමෙ ඒකට "ස්තූතියි" කියලා කියන්නවත්.මටත් ඔය වගේ සුළු සුළු අත්දැකීම් තියෙනවා.හැබැයි ඔවැනි සිද්ධියකට මුහුණ දෙන්න වුනොත් මගේ අවංකභාවය පිළිබදවත් ප්‍රශ්ණයක් මතු වෙනවා කියලත් මං අවංකවම කියන්න ඕනේ.. ;)

    තාත්තටයි, අම්මටයි නාකියා මල් මිටක් සමග ශීර්ෂ ප්‍රණාමය පුද කළා කියලා මතක් කරලම කියන්න..

    ReplyDelete
  2. ඒක ඇත්ත... අවංකකම තරම් ලොකු දිනුමක් තවත් නෑ... නාකියා කියල තියෙන දේ ඇත්ත.. දැන දැන ම වංචනික වැඩ කරල ඒ ගැන උදම් අනන යුගයක අපි ඉන්නෙ... එහෙව් ලෝකෙක සහෘද හිත් මුණ ගැහෙන එක තරම් සතුටක් තවත් තියේ ද ?

    ReplyDelete
  3. ඇත්තටම මේක ඇත්තම කතාවක් ද? හිතාගන්නත් බෑ. ඒකයි ආගන්තුකයා අනිත් අයටත් මේකට එන්න පාර පෙන්නුවේ!

    ReplyDelete
  4. පරජය පසුතැවිල්ලක් නොව උත්තේජනයක් කරගන්න
    :ඪ්

    මීට,
    කුරුං ගුරුං මහා පඬිතුමා

    ReplyDelete