Friday, July 29, 2011

ඇත්තක් නැත්තෙම නෑ,,

ඔන්න කට්ටියට විභාගයක් එහෙම් fail උනොත් කාරියේ බේරෙන්න හේතු ටිකක් කියන්නයි මං හදන්නේ.මාත් මේ ටික දැක්කෙ අහම්බෙන්.හැබැයි ඉතින් මේ හේතු කියලා කට්ටිය විභාග ඇණ ගන්නවා එහෙම නෙවෙයි.
 මේකයි විභාගයක් fail වෙන්න ප්‍රධානම හේතුව තමයි..."අවුරුද්දකට දවස් 365 තියෙන එක"
1.ඉරිදා-52 -:දන්නවනෙ ඉතින් ඉරිදා කියුවම free එකේ ඉන්න දවස.එදාට පාඩම කරලා කොහොමෙයි. >>දැන් ඉතුරු වෙන්නෙ දවස් 313
2.ටිකක් රස්නේ එහෙම වැඩි දවස් වලට කොහොමද පාඩම් කරන්නේ.ඒ වගේ දවස් අවුරුද්දකට ඉතින් 50 විතර තියෙනවනේ.>>තව තියෙන්නෙ 263
3.දවසකට පැය 8 වත් අඩුගානේ නිදාගන්න ඕන.දොස්තරලා කියන්නෙ පැය 6 යි.අපි ඉතින් 8 වත් නිදියනවනේ.එතකොට...එතන දවස් 130>> තව තියෙන්නේ 141
4.නිරෝගිමත් දිවියකට සෙල්ලම් කිරිම අත්‍යාවශයිනේ,දවසකට පැය 1 වත් කොරන්න එපැයි.නැත්තන් වැඩක් නෑ.එතකොට ඉතින් තව දවස් 15 විතර ඉවරයි.>>ඉතුරු වෙලා තියෙන්නෙ එතකොට...දවස් 126
5.සමහරු ඉතින් කන්න ගියාම් වරුවක් විතර කනවනේ.දවසකට කෑමට පැය 2 ගියොත් එතන දවස්..30>>තව 96
6.අපි ඉතින් මිනිස්සුනේ කියවන්න ගියාම වෙලාවක් කලාවක් නෑනේ.දවසකට පැය 1 කතා කරකර හිටියොත් එත්න දවස් 15>>තව 81
7.අවුරුද්දකට විභාග දවස් 35 විතර තියෙනවනේ.>>දැන් ඉතුරු දවස් 46
8.අලුත් අවුරුද්ද කියයි,නත්තල් කියයි,වෙසක් පොසොන් රාමසාන් ඕවා  සමරන්නෙ නැතුව පුලුවන්ය.තව දවස් 40 විතර ඉවරයි.>>දැන් දවස් 6 ඉතුරු හොදේ
9.අපිටත් ලෙඩ කියන ඒවා හැදෙනවනේ අඩු ගානේ දවස් 3>>තව දවස් 3 ඉතුරු
10.අපි ඉතින් අනුන්ගෙ මගුලක් මරණයක් වරද්දන්නෙ නැනේ.යාලුවො එක්ක movie 1බලන්න එහෙම දවස 2 දාමු.>>තව 1 නේ
11.ඒක ඉතින් b'day 1 නේ.එදාට කවුද පාඩම් කොරන්නේ?
ඔන්න බලන්න එක දවසක් වත් නෑනේ පාඩම් කරන්න .ඉතින් කොහොමයි විභාග පාස් වෙන්නෙ?

5 comments:

  1. කියන්නත් වගේ ඇත්ත නේන්නම්.

    ReplyDelete
  2. අපරාදේ මෙක කාලින් දැන ගෙන උන්නානම් මොනවා හරි බොරු කියන වෙලාවට මේක කියලා ශේප් වෙන්න තිබුනනේ,... ඔන්න අපිත් මේ පැත්තේ ඇවිත් ෆලෝ පාරක් දාලම යනවා... ජය වේවා කියලා

    ReplyDelete
  3. කරුණු කීවාට කම් නැත.. වැදූ මවටත් හැදූ පියාටත් හේතු දැක්වීම ද කළ හැක.. නමුදු ඉටු කරනට නොහැකි නම්, වැද සමාව අයැදීම යෙහෙකි..
    සමාවන්න

    ReplyDelete
  4. හික්ස් :D නියම පෝස්ට් එක..

    ReplyDelete
  5. මොකද මේ බ්ලොග් එක ලියන එක නවත්තලා. මකුළු දැල් ටික කඩලා ආයි පටන් ගත්තා නම් හොඳයි නේද ???

    ReplyDelete