Wednesday, July 27, 2011

ඉංජිනේරුවා

ඔන්න යාළුවනේ සිතූ පුංචි කතාවක් කියන්නයි යන්නේ.කට්ටිය කෑගහන්නෙ නැතුව අහන් ඉන්නඕන..ඔන්න...ඉංජිනේරුවෙක් ගියාලු අපායට.හැබැයි මිනිහට අපායෙ වැඩ සෙට් එක ඇල්ලුවේ නෑ.තමන්ට ඕන විදියට අපාය මොඩිෆයි කොරන්න ඉංජිනේරුවා තිරණය කොලා.මුලින්ම අපාය ac කොරා.ඊලගට බාත් රූම් වලට කොමඩ් එහෙම හයි කොරා.ආහ් කටු ඉඹුලේ නගින්න ලිෆට් එකක් දම්මා.අනේ ඉතින් කට්ටිය මේ ඉංජිනේරුවට හරි ආදරෙයි..ටික දවසක් යන කොට අපායේ මේ පෙරලිකාරයා ගැන දිවය ලෝකෙටත් ආරංචිවුණා.සක්‍ර දෙව්යා ගත්තා කෝල් එකක් අපායේ වසවර්ති මාරයට
සක්‍ර දෙවියා:ඔය අපායෙ ඉන්න ඉංජිනේරුවා අපායෙ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි.ඕකාව එවනවා දිවය ලෝකෙට.

වසවර්ති මාරයා:අපෝ ඒක කොරන්නෙ කොහොමද?මං ඉන්නේ ඒකව අපායෙ ස්ටාෆ එකට බදවගන්න.

සක්‍ර දෙවියා: මං දැන් එක පාරක් කියුවානේ.එවනවා ඕක දිවය ලෝකෙට..නැත්තන් මං අපායට විරුද්ධව නඩු දානවා

හික් හික් කිංඩි හිනාවක් දැමූ වසවරිති මාරයා
නඩු දාන්න....දිවය ලොකේට කොහෙන්ද ඕයි ලොයර්ලා?:P

2 comments:

  1. http://www.kopikade.net/2011/07/blog-post_6991.හ්ට්ම්ල්
    බ්ලොග් ලියන්න සාදරෙන් පිලිගන්නව.මුල්ම කමෙන්ටුව දාන්න ලැබීම සතුටක්.ඔය උඩ දාල තියෙන ලින්ක් එකෙන් අලුත් අයට උපදෙස් ටිකක් දාල ඇති.කියවල බලන්න.දිගටම ලියන්න.සුභපැතුම්

    ReplyDelete
  2. බොහොම ස්තුතියි කුරුං ගුරුං.ඒ උපදෙස් ගොඩක් වටිනවා අපි වගේ අළුත් අයට..

    ReplyDelete