Friday, July 29, 2011

ඇත්තක් නැත්තෙම නෑ,,

ඔන්න කට්ටියට විභාගයක් එහෙම් fail උනොත් කාරියේ බේරෙන්න හේතු ටිකක් කියන්නයි මං හදන්නේ.මාත් මේ ටික දැක්කෙ අහම්බෙන්.හැබැයි ඉතින් මේ හේතු කියලා කට්ටිය විභාග ඇණ ගන්නවා එහෙම නෙවෙයි.
 මේකයි විභාගයක් fail වෙන්න ප්‍රධානම හේතුව තමයි..."අවුරුද්දකට දවස් 365 තියෙන එක"
1.ඉරිදා-52 -:දන්නවනෙ ඉතින් ඉරිදා කියුවම free එකේ ඉන්න දවස.එදාට පාඩම කරලා කොහොමෙයි. >>දැන් ඉතුරු වෙන්නෙ දවස් 313
2.ටිකක් රස්නේ එහෙම වැඩි දවස් වලට කොහොමද පාඩම් කරන්නේ.ඒ වගේ දවස් අවුරුද්දකට ඉතින් 50 විතර තියෙනවනේ.>>තව තියෙන්නෙ 263
3.දවසකට පැය 8 වත් අඩුගානේ නිදාගන්න ඕන.දොස්තරලා කියන්නෙ පැය 6 යි.අපි ඉතින් 8 වත් නිදියනවනේ.එතකොට...එතන දවස් 130>> තව තියෙන්නේ 141
4.නිරෝගිමත් දිවියකට සෙල්ලම් කිරිම අත්‍යාවශයිනේ,දවසකට පැය 1 වත් කොරන්න එපැයි.නැත්තන් වැඩක් නෑ.එතකොට ඉතින් තව දවස් 15 විතර ඉවරයි.>>ඉතුරු වෙලා තියෙන්නෙ එතකොට...දවස් 126
5.සමහරු ඉතින් කන්න ගියාම් වරුවක් විතර කනවනේ.දවසකට කෑමට පැය 2 ගියොත් එතන දවස්..30>>තව 96
6.අපි ඉතින් මිනිස්සුනේ කියවන්න ගියාම වෙලාවක් කලාවක් නෑනේ.දවසකට පැය 1 කතා කරකර හිටියොත් එත්න දවස් 15>>තව 81
7.අවුරුද්දකට විභාග දවස් 35 විතර තියෙනවනේ.>>දැන් ඉතුරු දවස් 46
8.අලුත් අවුරුද්ද කියයි,නත්තල් කියයි,වෙසක් පොසොන් රාමසාන් ඕවා  සමරන්නෙ නැතුව පුලුවන්ය.තව දවස් 40 විතර ඉවරයි.>>දැන් දවස් 6 ඉතුරු හොදේ
9.අපිටත් ලෙඩ කියන ඒවා හැදෙනවනේ අඩු ගානේ දවස් 3>>තව දවස් 3 ඉතුරු
10.අපි ඉතින් අනුන්ගෙ මගුලක් මරණයක් වරද්දන්නෙ නැනේ.යාලුවො එක්ක movie 1බලන්න එහෙම දවස 2 දාමු.>>තව 1 නේ
11.ඒක ඉතින් b'day 1 නේ.එදාට කවුද පාඩම් කොරන්නේ?
ඔන්න බලන්න එක දවසක් වත් නෑනේ පාඩම් කරන්න .ඉතින් කොහොමයි විභාග පාස් වෙන්නෙ?

අහිමි දිනුම

අපි විසුවේ නගරය කොනක පිහිටි දෙමහල් නිවසක ඉහල මාලයේ බද්දට.මගේ තාත්තා නගර සභාවේ ලිපිකරුවෙක්.පවුලේ බාලයා වුනේ මං. මට අක්කා කෙනෙකුයි  අයියා කෙනෙකුයි හිටියා.තාත්තාගේ පුංචි පඩියෙන් අපි අමාරුවෙන් ජිවත්වුණා.දරුවන තිදෙනෙක් පෝශණය කරනවා විතරක් නෙමෙයි නෑදෑයන් වෙනුවෙන්ද තම මුදල් වියදම් කිරීමට තාත්තා සිදුවුනා.
       ඒ කාලේ නගරයේ හිටි හැමෝටම මෝටර් රථ එකක් හෝ ඊට වැඩ් ගණනක් තිබ්බා.අපිට විතරයි තිබ්බේ නැත්තේ.පුංචි මං හැමදාම හින දැක්කෙ කාර් එක්ක ඉස්සරහ වාඩි වෙලා තාත්තා එක්ක ඉස්කෝලෙ යන්න.මං දැනගෙන හිටියා ඒක කවදාවත් සැබෑ වෙන්නෙ නෑ කියලා .ඒත් මං ඒ හිනෙට ආදරය කලා.
  නගරේ දියුණු කරන්න ලොතරයියක් ගැහුවා.තාත්තාටත් ටිකට් පොතක් ලැබුණා."දන්නවද පලවෙනි දිණුමට දෙන්නෙ ඉන්නෙ කාර් එකක් "තාත්තා හිනා වේවි කියුවා."අනේ තාත්තේ අපිත් එකක් ගමු"මං කියනකොට තාත්තා හිනා වුනා."ගමුකෝ' තාත්තා කියුවා.කියුවත් වගේ ඔහු ටිකට් එකක් ගත්තා.
          දිනුම් ඇදිම තිබ්බෙ නගරෙ මැද තිබ්බ පිට්ටනියෙ.ලස්සන කාර් එකක් නවත්වලා තිබ්බා.අනේ කාර් එක අපිට ඇදෙන්න.මං දහස් වාරයක් ප්‍රාර්තනා කලා.අපිට විතරයිනෙ කාර් එකක් නැත්තේ.
          දිනුම් ඇදිම අවසානයේ ජයග්‍රාහකයාගෙ නම කියවුනා.මට අදහ ගන්න බෑ.ඒ මගේ තාත්තා.මං දෙවියන්ට ස්තුතියි කරමින් සෙනග අතරින් ඉස්සරහට දිවුවා.ඒත්....කාර් එක එතන නෑ.මං දැන ගත්තා තාත්තා කාර් එක ගෙදර ගෙනිගින් බව.මං මිටින්හල කුරුල්ලෙක් වගේ ගෙදර දිවුවා.කිරි පාට කර් එකක් මිදුලෙ ඉන්නවා බැබලි බැබලි. කාර් එක වටේ රවුමක් කරකැවුණ මං ගෙට ගියේ තාත්තට සුභ පතන්න.
    ඒත්....හැමෝම බය වෙලා වගේ.තාත්තගෙ මුනේ කිසි හිනාවක් නෑ.අම්මා මං දැකලා කුස්සිය පැත්තට ගියා.මාත් ඇය පස්සෙන් ගියේ මොකද වෙලා තියන්නෙ කියලා දැන ගන්න."අම්මේ ඇයි මේ?මෙච්චර ලොකු තැග්ගක් ලැබිලත් ඔයාල දුකින් ඇයි?"බැරිම තැන මං ඇගෙන් ඇහුවා."පුතේ ඒක අපිට අයිති නෑ."ඇය කියුවා."ඇයි ඒ?අර ටිකට් එක මේසෙ උඩ තියෙන්නෙ."මං කදුලු පුරවගෙන ඇහුවා."ඔව් මයේ පුතේ එතන ටිකට් දෙකක් තියෙනවා දැක්කද?"
        මං සාලෙට දිව්වා.ටිකට් දෙකම අරන් අම්මා ලගට ආවා."පුතේ තාත්තා ගත්තෙ අංක 12 ටිකට් එක.ඒත් දිනුම තින්නෙ අංක 13 ටිකට් එකට තාත්තා ඒක ගත්තෙ ඒයාගෙ ලොක්කට.ඒකයි ඒකෙ කෙලවරක බි අකුර ලියලා තියෙන්නෙ."ඇය කියුවා."අපිට ඕන නම් කාර් එක තියා ගන්න පුලුවන්.ඒත් එහෙම කරොත් අපි හොරකමක් කරා වෙනවානේද මයේ පුතේ?"අම්මා ඇහුවා.
      තාත්තගෙ ලොක්කට කාර් දෙකතුනක් තියෙනවා.ඒත් ඔහු දිනුම ගැන දැන ගත්තා විතරයි කාර් එක ගෙනියන්න සේවකයො දෙන්නක් එව්වා. අපිට කාර් එක නැතිවුනා.මං විශ්වවිද‍‍‍‍යාලයට යනකම් කාර් එකක් ගන්න මගේ දුප්පත් තාත්තට බැරි උනා.(තාමත් එකක් නෑ හොදේ)ඒත් ඒ වගේ අවංක දුප්පත් දෙමාපියන් දෙන්නෙක් ලබුණ එකට මං තාමත් සතුටු වෙනවා.ඒක තමයි මං ලබපු ලොකුම දිනුම......

Thursday, July 28, 2011

හන්තානට පායන සද

 පේරාදෙනි සරසවි බිමට,හන්තාන කදු මුදුනට කතා කරන්න පුලුවන් වුණානම් ....ඔවුන් ආදරය පෙම්වතුන් ගැන කොයිතරම් දේ කියයිද?ධම්මික බණ්ඩාරයන් අතින් ලියවුණු එවන් ආදරණිය ගිතයක් "හනතානට පායන සද."අමරසිරි පිරිස්ගේ ලයාන්විත හඩින් හැඩවු ඩැනිස්‍ටර් පෙරේරයන්ගේ සංගිතයෙන් ඔපවත් වු මෙය සමහර විට  ඔබගෙත් ප්‍රියතම ගී ගොන්නෙ ඇති.ඒත් ගිතයේ පද පෙල නොදන්න අය වෙනුවෙන් ලියලා තියන්න හිතුණා.
 හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින ඔබ යන කල
එපා තනිය දනෙන්න


ලතා මඩුලු අත වනාවි
ඒපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
ධම්මිකයන් ලැබු සත්‍ය අත්දැකිමක් ඇසුරුකරගෙන රචිත මෙහි ආදරයේ ඇති ආත්මාර්තකාමී හැගිම වෙනුවට පරිත්‍යාගගීලි බව ඉස්මතු වී තියෙනවා.පේරාදෙණි සරසවි බිම සුන්දරත්වයේ තෝතැන්නක්.තමන්ට ගොඩවැදිමට වරම් අහිමි වු එහි සුන්දරත්වය තම පෙම්වතියට හිත්සේ විද ගැනිමට අවස්තාව ලබා දිම පිණිස ඔහු ඇයට තමන්ව අමතක කරන්න කියනවා.හන්තානට පායන සද මට දකින්න බැහැ.ඒත් ඒ සුන්දරතවය ඇය විදිය යුතු බව ඔහු විශ්වාස කරනවා. සරසවි බිමේදි ඇය දකින බොහෝ සුන්දර දේ දකින්න ඔහුට වරම් නෑ.
"අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින ඔබ යනකල එපා තනිය දැනෙන්න" . ඔහු සරසවි නොගියත් එහි ගෙවෙන දිවිය ගැන මනා දැනුමක් ඇති තරුණයෙක්.පේරාදෙණියට හිරි පොද වැස්ස අමුතු දෙයක් නෙමෙයි.තනියෙන් යන ඇයට තනිකම දැනෙන්නේ නම් කුඩය යටට කෙනෙකු කතා කර ගත්තාට ඔහුට තරහක නැති බව ඔහු පවසනවා"කුඩේ යටින් ඔබ යනවිට එපා තනිය දැනෙන්න..."යැයි කියන්නේ ඒ නිසයි
"ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මත්කය ගුලි කර
මහවැලියට දමන්න"
ඔහු බොහොම   ත්‍යාගශිලි පෙම්වතෙක්.සරසවි බිමේ බොහොම දුලබ දසුනක් තුරු මුල හිද පෙම්බස් දොඩන ප්‍රේමවන්තයන්.ගමේ ඉන්න තමන් අමතක කර සරසවි සුන්දරත්වය විද ගන්න ඔහු ඇයට පවසනවා.තමන්ට සරසවි වරම අහිමි උනත් එහි ගිය ඇයට ඒ සුන්දරත්වය ඇයට විද ගැනිමට ඔහු ඉඩ දෙනවා.ඔහු තම පෙම්වතිය දෙස උපේක්ශාවෙන් බලනවා.
දෙනෙත් පියා ගෙන ඕනෑම කෙනෙකුට  රසවිදිය හැකි පදමාලවක් සංගිතයක් සහිත මෙම ගීතයක් කොතරම් සුන්දරද.....

Wednesday, July 27, 2011

ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕනමද??

දන්නවනෙ ඉතින් අද මොන වැඩේටත් කඩ්ඩ(ඉංග්‍රිසි) නැතුව බෑ.කොහේ ගියත් කඩ්ඩ තමයි ඉතින්.ඉන්ටර්නෙට් එකට යන්න.ඊමේල් එකක් යවන්න .ජොබ් එක්කට ගියත්,සල්ලි ගන්න බැංකුවට ගියත් කොයි දේටත් දැන් කඩ්ඩ ඕන.කඩ්ඩ පොලිශ් නම් ඉතින් ගොඩම තමයි.එත් ඉතින් ඉංග්‍රිසි සමහරුන්ට ඉගෙන ගන්න ටිකක් අමාරුයි.හැබැයි ඉගෙන නොගත්තොත් ඊට වඩා අමාරුයි.

ඔන්න අහගන්නකො මේ ලගදි දවසක ජපාන අගමැති මෝරි ගියාලු වොශින්ටන්.ඔබාම හමුවෙන්න.යන්න කලින් අගමැතිට දුන්නලු පොඩි ට්‍රේනින් එක්ක කඩ්ඩෙන් කතා කරන එක ගැන.ට්‍රේනින් එකේදි කියුවලු ඔබාම මුණ ගැහුනම අතට අත දිලා'how are you?' කියලා අහන්න.එතකොට ඔබාම කියයි"i'm fine and you?"එතකොට කියන්න "me too".ඊට පස්සෙ ටික භාශා පරිවර්තකයො කරයි..ඔන්න ඉතින් අගමැති තුමා ගියාලු ඔබාම ලගට ගිහින් අතට අත දිලා ඇහුවලු "who are you?(how are you වෙනුවට)"එතකොට ඔබාම ටිකක් බයවෙලා වගේ කියුවලු "I'm husband of Michelle.haha"එතකොට අගමති තුමා කියුවලු"me too haha"එත්නින් එහාට සාකච්චාව කරේ ගොඩක් වෙලාවකට පස්සෙලු
ඔන්න ඕකයි කඩ්ඩ පොලිශ් කර ගත්තෙ නැතොත් වෙන්නෙ අගමැතිතුමාට වුනාවගේ ටිකක් නොනිඩි වෙන්න තමයි.අපිත් බෑ බෑ ගගා ඉන්නෙ නතුව කඩ්ඩ හදාගත්තොත් හොදයි නේ?

ඉංජිනේරුවා

ඔන්න යාළුවනේ සිතූ පුංචි කතාවක් කියන්නයි යන්නේ.කට්ටිය කෑගහන්නෙ නැතුව අහන් ඉන්නඕන..ඔන්න...ඉංජිනේරුවෙක් ගියාලු අපායට.හැබැයි මිනිහට අපායෙ වැඩ සෙට් එක ඇල්ලුවේ නෑ.තමන්ට ඕන විදියට අපාය මොඩිෆයි කොරන්න ඉංජිනේරුවා තිරණය කොලා.මුලින්ම අපාය ac කොරා.ඊලගට බාත් රූම් වලට කොමඩ් එහෙම හයි කොරා.ආහ් කටු ඉඹුලේ නගින්න ලිෆට් එකක් දම්මා.අනේ ඉතින් කට්ටිය මේ ඉංජිනේරුවට හරි ආදරෙයි..ටික දවසක් යන කොට අපායේ මේ පෙරලිකාරයා ගැන දිවය ලෝකෙටත් ආරංචිවුණා.සක්‍ර දෙව්යා ගත්තා කෝල් එකක් අපායේ වසවර්ති මාරයට
සක්‍ර දෙවියා:ඔය අපායෙ ඉන්න ඉංජිනේරුවා අපායෙ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි.ඕකාව එවනවා දිවය ලෝකෙට.

වසවර්ති මාරයා:අපෝ ඒක කොරන්නෙ කොහොමද?මං ඉන්නේ ඒකව අපායෙ ස්ටාෆ එකට බදවගන්න.

සක්‍ර දෙවියා: මං දැන් එක පාරක් කියුවානේ.එවනවා ඕක දිවය ලෝකෙට..නැත්තන් මං අපායට විරුද්ධව නඩු දානවා

හික් හික් කිංඩි හිනාවක් දැමූ වසවරිති මාරයා
නඩු දාන්න....දිවය ලොකේට කොහෙන්ද ඕයි ලොයර්ලා?:P

Tuesday, July 26, 2011

අවසරයි!

යාළුවොනේ,,,,,, ඔන්න සිතූ ත් ආව බ්ලොග් කෙරුවාවට.කියවලා තිබ්බට ආසවටවත් කලින්  යාළුවෙකුගෙ එකකවත් පොස්ට් එකක් ලියලා නෑ.අඩු ගානේ ඉස්කොලෙදි හරියට රචනාවක්වත් ලියලා නෑ.හික් හික්.. ඒත් ඉතින් ලියන්න ඕනම වගේ. මගේ සිතුවිලි ඒකට පොඩි උත්සාහයක්.ඉතින් කට්ටිය මේ අළුත් එකාට පොඩි සප් එකක් එහෙම දෙන්න ඕන හොදේ.හොද නරක එහෙම කියලා.පුළුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්නකෝ එහෙනම්.
අදට නවතිනවා.ලගදිම හමුවෙමුකෝ..........