Thursday, July 28, 2011

හන්තානට පායන සද

 පේරාදෙනි සරසවි බිමට,හන්තාන කදු මුදුනට කතා කරන්න පුලුවන් වුණානම් ....ඔවුන් ආදරය පෙම්වතුන් ගැන කොයිතරම් දේ කියයිද?ධම්මික බණ්ඩාරයන් අතින් ලියවුණු එවන් ආදරණිය ගිතයක් "හනතානට පායන සද."අමරසිරි පිරිස්ගේ ලයාන්විත හඩින් හැඩවු ඩැනිස්‍ටර් පෙරේරයන්ගේ සංගිතයෙන් ඔපවත් වු මෙය සමහර විට  ඔබගෙත් ප්‍රියතම ගී ගොන්නෙ ඇති.ඒත් ගිතයේ පද පෙල නොදන්න අය වෙනුවෙන් ලියලා තියන්න හිතුණා.
 හන්තානට පායන සද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින ඔබ යන කල
එපා තනිය දනෙන්න


ලතා මඩුලු අත වනාවි
ඒපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
ධම්මිකයන් ලැබු සත්‍ය අත්දැකිමක් ඇසුරුකරගෙන රචිත මෙහි ආදරයේ ඇති ආත්මාර්තකාමී හැගිම වෙනුවට පරිත්‍යාගගීලි බව ඉස්මතු වී තියෙනවා.පේරාදෙණි සරසවි බිම සුන්දරත්වයේ තෝතැන්නක්.තමන්ට ගොඩවැදිමට වරම් අහිමි වු එහි සුන්දරත්වය තම පෙම්වතියට හිත්සේ විද ගැනිමට අවස්තාව ලබා දිම පිණිස ඔහු ඇයට තමන්ව අමතක කරන්න කියනවා.හන්තානට පායන සද මට දකින්න බැහැ.ඒත් ඒ සුන්දරතවය ඇය විදිය යුතු බව ඔහු විශ්වාස කරනවා. සරසවි බිමේදි ඇය දකින බොහෝ සුන්දර දේ දකින්න ඔහුට වරම් නෑ.
"අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින ඔබ යනකල එපා තනිය දැනෙන්න" . ඔහු සරසවි නොගියත් එහි ගෙවෙන දිවිය ගැන මනා දැනුමක් ඇති තරුණයෙක්.පේරාදෙණියට හිරි පොද වැස්ස අමුතු දෙයක් නෙමෙයි.තනියෙන් යන ඇයට තනිකම දැනෙන්නේ නම් කුඩය යටට කෙනෙකු කතා කර ගත්තාට ඔහුට තරහක නැති බව ඔහු පවසනවා"කුඩේ යටින් ඔබ යනවිට එපා තනිය දැනෙන්න..."යැයි කියන්නේ ඒ නිසයි
"ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මත්කය ගුලි කර
මහවැලියට දමන්න"
ඔහු බොහොම   ත්‍යාගශිලි පෙම්වතෙක්.සරසවි බිමේ බොහොම දුලබ දසුනක් තුරු මුල හිද පෙම්බස් දොඩන ප්‍රේමවන්තයන්.ගමේ ඉන්න තමන් අමතක කර සරසවි සුන්දරත්වය විද ගන්න ඔහු ඇයට පවසනවා.තමන්ට සරසවි වරම අහිමි උනත් එහි ගිය ඇයට ඒ සුන්දරත්වය ඇයට විද ගැනිමට ඔහු ඉඩ දෙනවා.ඔහු තම පෙම්වතිය දෙස උපේක්ශාවෙන් බලනවා.
දෙනෙත් පියා ගෙන ඕනෑම කෙනෙකුට  රසවිදිය හැකි පදමාලවක් සංගිතයක් සහිත මෙම ගීතයක් කොතරම් සුන්දරද.....

3 comments:

  1. 100 වෙනියට සිතූව බැලුවා ඕං... ලිපිය ලස්සනයි. ඒ සින්දුව වගේම!

    ReplyDelete
  2. බොහොම සතුටුයි ආගන්තුකයෝ..බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
  3. තුති පුදන්න.. එනමුත් ආගන්තුකයා මෙන් හොද ළමයා ට වෙන්ව යන්නට ඉඩ නොහරින්න. කරුණාකර එන්න යයි කියන්න. සැමදා ඉන්න යයි කියන්න..

    ReplyDelete